බ්‍රසීලයේ සීකා හේතුවෙන් පැනවු හදිසි තත්ත්වය ඉවතට

(කොළඹ, ලංකාපුවත්) – බ්‍රසීලය පසුගිය වර්ෂයේදී සීකා වෛරසය හේතුවෙන් පනවා තිබු හදිසි තත්ත්වය ඉවත් කර තිබේ.

එරට බලධාරීන් පවසා ඇත්තේ පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ නව වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 95%කින් පහත වැටී ඇති බවයෙ.

සීකා වෛරසය නූපන් දරුවන්ගේ මොලයේ වර්ධනය සීමා වන අතර ගර්භනී කාන්තාවන්ට වෛරසය ආසාදනය වීමෙන් කුඩා මොළ සහිත දරුවන් බිහිවන බව වෛද්‍යවරුන් අනතුරු අගවයි.

ලොව රටවල් 30කට පමණ පැතිරුණු සීකා වෛරසය මේ වන විට බොහෝදුරට පාලනය වී ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *