ඉන්දීය අගමැති ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර ට්විටර් පිටුවේ සටහනක්

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවට පැමිණීමට ප්‍රථමයෙන් සිය ට්විටර් පිටුවේ සටහනක් තබමින් දක්වා ඇත්තේ මෙම සංචාරය දෙරටේ ශක්තිමත් සබඳතාවේ සංකේතයක් වන බවයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය ට්විටර් පණිවුඩයෙන් කියාසිටියේ වසර දෙකක් තුළ දෙවතාවක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට ලැබීම දෙරට අතර ඇති ශක්තිමත් සබඳතාව පිළිඹිබු කරන බවයි. එක්සත් ජාතීන්ගේ වෙසක් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වීමට ලැබීම තමාට ලැබුණු ගෞරවයක් බව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී ඇත.

දෙරට අතර අතීතයේ සිට පැවත එන බෞද්ධාගමික ගැඹුරු සංස්කෘතික සබැඳියාව මෙමගින් තවදුරටත් සනාථ වන බව ද නරේන්ද්‍ර මෝදි මහතා තවදුරටත් සදහන් කර තිබේ. මෙම සංචාරයේදී දළදා මාලිගයට ගොස් ආගමික කටයුතුවල නිරත වීමට ලැබීම තමා ලද භාග්‍යයක් බව ද ඉන්දීය අගමැතිවරයා සදහන් කර තිබේ.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඒකාබද්ධ ලේකම් සංජේ පාණ්ඩා ඊයේ(11) පැවැත්වූ මාධ්‍ය හමුවකදී කියාසිටියේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේදී කිසිදු ගිවිසුමකට අත්සන් තබන්නේ නැති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *