එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් උළෙල ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලාංකීය සම්බුද්ධ ශාසනයට නව පිටුවක් එක් කරමින් එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් උළෙල ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අද උදෑසන (12) ආරම්භ විය.

ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාව මෙම අවස්ථාවේ දී පිළිගනු ලැබීය.

මහාවිහාර වංශික ස්‍යාමෝපාලී මහානිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක හිමිපාණන් වහන්සේ විසින් පැමිණ සිටි පිරිස පංචශීලයේ පිහිටුවූහ.

මෙම අවස්ථාවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, කතානායක කරු ජයසූරිය මහතා,අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටිති.

ලෝකයේ බෞද්ධ රටවල් ඇතුළුව රටවල් 80 ක විශේෂ නියෝජිතයෝ රැසක් ජාත්‍යන්තර වෙසක් උළෙල සඳහා සහභාගි වී සිටිති. ජාත්‍යන්තර වෙසක් උළෙල එළඹෙන 14වන දා තෙක් පැවැත්වේ.

එය ‘සමාජ සාධාරණත්වය හා තිරසාර සාමය උදෙසා බෞද්ධ ඉගැන්වීම්’ යන්න තේමාව කරගනිමින් පැවැත්වෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *