චීනයේ භූ කම්පනයකින් 08 දෙනෙකු ජීවිතක්‍ෂයට

(කොළඹ, ලංකාපුවත්) – චීනයේ ෂිං ජියෑන්ග් ප්‍රාන්තයේ සිදු වූ භූ කම්පනයකින් පුද්ගලයින් 08දෙනෙකු ඊයේ(11) ජීවිතක්‍ෂයට පත්වූ බව ෂින්හුවා පුවත් සේවය වාර්තා කරයි.

රිච්ටර් පරිමාණ ඒකක 5.5ක භූ කම්පනයක් ඇති වූ බව චීන බලධාරීන් සදහන් කර ඇත.

මේ භූකම්පනයෙන් පුද්ගලයින් 20කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව ද වාර්තා වේ.

එසේම නිවාස 180කට පමණ භූ කම්පනය හේතුවෙන් හානි සිදුව තිබේ. වැඩිම හානියක් සිදුව ඇත්තේ ක්වාස්ගූන් ගම්මානයටය.

විපතට පත්වූවන්ට සහන සැලසීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *