පොළොන්නරුව බැදිවැව දී මාරක අනතුරක් – 04ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) –පොළොන්නරුව බැඳිවැව ප්‍රදේශයේ මඩකලපුව හබරණ මාර්ගයේ දී අද(12) අලුයම 01.00ට පමණ සිදු වූ අනතුරකින් පුද්ලගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

බැදිවැව ප්‍රදේශයේ සිට මඩකලපුව දෙසට ධාවනය වූ යතුරුපැදියක් අධි සුඛෝපබෝගී බස්රථයක ඉදිරියෙන් පැමිණි යතුරු පැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

මෙහිදී යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයින් සිව්දෙනා එම ස්ථානයේදීම මියගොස් සිටි බව පොළොන්නරුව පොලීසිය සදහන් කළේය.

පොළොන්නරුව ප්‍රදේශයේ සංවිධාන කර තිබූ වෙසක් අසිරිය නරඹා නිවෙස් වෙත යමින් සිටියදී මෙම අනතුරු සිදුව ඇති බව වාර්තා වේ.

මිය ගිය පුද්ගලයින් තුන්දෙනෙකු බැදිවැව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් වන අතර එක් පුද්ගලයෙක් කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි කරුවෙකි. ඔවුන් වයස අවුරුදු 23, 24, 27 සහ 48 යන වයස් කාණ්ඩ වල පසුවන්නන් වේ.

බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර පොළොන්නරුව පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *