පෙත්සම් විභාගය අවසන් වනතෙක් ගීතා කුමාරසිංහගේ මන්ත්‍රීධුරය අහෝසි කරන තීන්දුව අත්හිටුවයි

(කොළඹ, ලංකාපුවත්) – පෙත්සම් විභාගය අවසන් වනතෙක්, ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රීධුරය අහෝසි වීම අත්හිටුවමින් ලබාදුන් අතුරු තහනම දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(15) නියෝග කළේය.

ගීතා කුමාරසිංහ මහත්මිය ගොනුකළ පෙත්සමක් අද ශ්‍රේෂ්ඨාධිකරණය සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.

ඒ අනුව ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහෝසිකරමින් දෙන ලද අභියාචනාධිකරණ තීන්දුව ක්‍රියාත්මක කිරීම අත්හිටුවා පනවා ඇති අතුරු නියෝගය තවදුරටත් දීර්ඝ කර තිබේ.
ද්විත්ව පුරවැසිභාවය ලබාතිබීම නිසා ගීතා කුමාරසිංහ මහත්මියට මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයක්දැරීමට නුසුදුස්සෙකු ලෙස අභියාචනාධිකරණය පසුගිය 03වනදා තීන්දුවක් ලබා දුන්නේය.

එම තීන්දුවට එරෙහිව ගීතා කුමාරසිංහ මහත්මිය ගොනුකළ පෙත්සමක් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව අද (15) දක්වා ක්‍රියාත්මකවීම අත්හිටුවමින් තාවකාලික අතුරු නියෝගයක් ඉකුත් 12 වනදා නිකුත් කරන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *