(කොළඹ, ලංකාපුවත්) – මේවන විට ශ්‍රී ලංකාව තුළ පෙර මෝසම් තත්ත්වය ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
එබැවින් දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වර්ධනයක් ඉදිරි දින කිහිපයේදී අපෙක්ෂා කෙරේ. එසේම දිවයින හරහා සහ උතුරු සහ දකුණු මුහුදු ප්‍රදේශ වල විටින් විට හමන (පැ.කි.මී.50 දක්වා) තරමක් තද සුළං අපේක්ෂා කළ හැකිය.
බස්නාහිර, වයඹ, සබරගමුව, දකුණු සහ මධ්‍යමපළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. නැගෙනහිර සහ ඌව පළාත් වල තැනින් තැන, සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
දිවයිනේ උතුරු සහ දකුණු මුහුදු ප්‍රදේශ වල විටින් විට හමන (පැ.කි.මී.50 -55 දක්වා) තරමක් තද සුළං අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. පුත්තලමසිට කොළඹ සහ ගාල්ල හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ. සෙසු මුහුදු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති විය හැකිය.
නිරිත දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 30-40 ක් පමණ වේ. මීගමුව සිට මන්නාරම, කන්කසන්තුරය හරහා ත්‍රීකුණාමලය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටක පැ.කි.මී.50-55 දක්වා වැඩි හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකිය.