‘රැන්සම්වෙයාර්’ පරිගණක වෛරසය ගැන අනතුරු ඇගවීමක්

(කොළඹ, ලංකාපුවත්) – ‘රැන්සම්වෙයාර්’ නැමති වෛරසයක් මේ දින වල අන්තර්ජාලයේ ව්‍යාප්තවන බව ශ‍්‍රී ලංකා පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසඳය (CERT)සදහන් කරයි.

මේ නිසා පරිගණකයේ වින්ඩෝස් මෘදුකාංගය යාවත්කාලීන කිරීම,පරිගණකයේ ඇති දත්ත වෙනත් බාහිර ධාවක ( extranal drive) වෙත මාරු කර තබා ගැනීම හා සැක සහිත ඊ-මේල් පණිවුඩ විවෘත කිරීමෙන් වැළකී සිටින ලෙස දැනුම් දීමක් කර සිටියි.

පසුගිය සිකුරාදා එල්ල වූ සයිබර් ප්‍රහාරයෙන් අමෙරිකාව, චිනය, රුසියාව, බ්‍රිතාන්‍ය ඇතුලු රටවල් 150කට පමණ බලපැම් එල්ල විය.

එම සයිබර් ප්‍රහාරය පරිගණක පද්ධති 125,000කට අධික ප්‍රමාණයකට බලපා ඇති අතර එම ප්‍රහාරය සීමා කිරීමට සහයෝගය ලබාදුන් එක්සත් රාජධානියේ සයිබර් ආරක්‍ෂාව පිළිබඳව විශේෂඥ කණ්ඩායමක් වන මැල්වෙයාර් ටෙක් කියා සිටියේ තවත් සයිබර් ප්‍රහාරයක් සිදු වීමට ආසන්න බවයි.

රැන්සම්වෙයාර් නැමැති පරිඝණක වෛසරසයක් හරහා මෙම සයිබර් ප්‍රහාරය එල්ල වී තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *