(කොළඹ, ලංකාපුවත්) – චීනයේ බෙයිජිං නුවර පැවැත්වෙන ‘එක් තීරයක් – එක් මාවතක්’ මහා සමුළුවේ සමාරම්භක උත්සවය අතරවාරයේ දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ චීන මහජන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින්පිං මහතා හමු විය.
සමුළුවේ සමාරම්භක අවස්ථාවේදී අග්‍රමාත්‍යවරයා සහ චීන ජනාධිපතිවරයා අතර හමුව සිදු වූ බව අග්‍රමාත්‍ය කාර්යාලය සදහන් කළේය.
මේ අතර “එක් තීරයක් – එක් මාවතක්“ ව්‍යාපෘතිය යටතේ එය ක්‍රියාත්මක කරන කලාපයේ වරාය, මහා මාර්ග සහ දුම්රිය මාර්ග ඉදිකිරීම සඳහා ඩොලර් කෝටි 12 ලක්ෂ 400ක් යොදවන බව චීන ජනාධිපති ෂි ජින් පිං මහතා පවසා තිබේ.
චීන ජනාධිපතිවරයා මේ බව සදහන් කර ඇත්තේ සමුළුවේ සමාරම්භක අවස්ථාවට එක් වූ රාජ්‍ය නායකයින් අමතමිනි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ චීන ජනාධිපතිවරයා පවසා ඇත්තේ වෙළදාම ආර්ථික සංවර්ධනයේ වැදගත්ම යන්ත්‍රය බවයි. මෙම ව්‍යාපෘතිය ආසියා, අප්‍රිකා සහ යුරෝපා මහද්වීප ඔස්සේ පැතිර යමින් ඉන් ඔබ්බට ව්‍යාප්ත කිරීම චීනයේ අභිලාශය වී තිබේ.
සහයෝගිතාව මත පදනම් වූ වේදිකාවක් නිර්මාණය කරන බව ද මෙහිදි චීන ජනාධිපතිවරයා අවධාරණය කර ඇති අතර විවෘත ලෝක ආර්ථිකයක් සහතික කරන බවට ද ප්‍රකාශ කර තිබේ.
බෙයිජිනං ජාතික ප්‍රසාංගික කලා මධ්‍යස්ථානයේ පැවැති සමුළුවේ සමාරම්භක අවස්ථාව සඳහා රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පූටින් ඇතුළු 20 දෙනෙකුට අධික රාජ්‍ය නායකයින් පිරිසක් එක්ව සිටියේය.