හෙට සිට ශ්‍රී ලංකාවට ජීඑස්පී ප්ලස් බදු සහනය බලාත්මකයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවට ජීඑස්පී ප්ලස් බදු සහනය බලාත්මක කිරීමට, යුරෝපා කවුන්සිලය හෙට (16) සිට පියවරගෙන ඇති බව වාර්තාවේ.

ඒ පිළිබඳ නිවේදනය අද(15) බෙල්ජියමේ බ්‍රසල්ස්හිදී යුරෝපා කවුන්සිලයේ ප්‍රකාශනයට ඇතුළත් කෙරෙනු ඇත.

යුරෝපා සංගමයේ තීරණයක් බලාත්මක වන්නේ, එය නිල වශයෙන් යුරෝපා කවුන්සිලයේ ප්‍රකාශනයට ඇතුළත් කිරීමෙන් අනතුරුවය.

ශ්‍රී ලංකාවට ජීඑස්පී ප්ලස් බදු සහනය ලබාදීමට, යුරෝපා කවුන්සිලය පසුගිය බ්‍රහස්පතින්දා ඒකමතිකව තීන්දු කළේය. එම තීන්දුව අද ප්‍රකාශයට පත් කෙරෙන යුරෝපා කවුන්සිලයේ නිල ප්‍රකාශනයට ඇතුළත් කෙරෙන බව වාර්තා වේ.

ඒ අනූව ජීඑස්පී ප්ලස් බදු සහනය හෙට සිට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බලාත්මක කිරීමට නීතිමය ප්‍රතිපාදන සැලසෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *