“එක් තීරයක් – එක් මාවතක්” සමුළුවට සමගාමීව තවත් ප්‍රධාන තේමා සමුළු හයක්

(කොළඹ, ලංකාපුවත්) – “එක් තීරයක් – එක් මාවතක්”ජාත්‍යන්තර සහයෝගතා සමුළුවට සමගාමීව තවත් ප්‍රධාන තේමා සමුළු හයක් පැවැත්වේ.

චීන හා විදේශීය රටවල නියෝජිතවරු 1500කට වැඩි පිරිසක් ඊයේ(14) පස්වරුවේ පැවති එම සමුළුවලට එක් වී ගිවිසුම් මාලාවකට අත්සන් තබා එකඟතාවන් රැසකට එළඹුණහ.

දේශපාලන සන්නිවේදනය යන ප්‍රධා‍න තේමා සමුළුවේදී ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික සහයෝගතා ගිවිසුම් 32කට අත්සන් තැබිණ.

එම සමුළුව චීන ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කමිටුව සහ චීන රාජ්‍ය මණ්ඩල සංවර්ධන හා අධ්‍යයන මධ්‍යස්ථානය විසින් සංවිධාන කරනු ලැබිණ. 70කට වැඩි රටවල හා 40කට වැඩි ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතවරු 360 දෙනෙක් එයට එක් වූහ.

දේශපාලන සන්නිවේදනය, විවිධ පාර්ශ්වික සහයෝගතා පැවැත්වීමේ පදනමක් මෙන්ම “එක් තීරයක් එක් මාවතක්”සංවර්ධනයේ වැදගත් සහතිකයක් බව චීන ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කමිටු අධ්‍යක්ෂ He Li feng මහතා එහිදී පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *