චීනය ඉදිරිපත් කළ වැඩපිළිවෙලින් ප්‍රයෝජන ගන්න – එජා මහ ලෙක්ම් ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – චීනය ඉදිරිපත් කළ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල තුළින් ලැබෙන අවස්ථා ප්‍රයෝජනයට ගන්නැයි එක්සත් ජාතින්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් මහතා ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.

ඔහු පැවසුවේ මේ තුළින් පොදු සංවර්ධනය ලගා කර ගන්නා ලෙසයි.

චීනයේ බෙයිජිං නුවරදි ඊයේ (14) ආරම්භ වු එක් තීරයක් එක් මාවතක් ජාත්‍යන්තර සමුළුවේ සමාරම්භක අවස්ථාවට එක් වෙමින් ඇන්තෝනියෝ ගුටරෙස් මහතා මේ බව සදහන් ක‍ළේය.

එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල අගය කරමින් ඔහු පැවසුවේ අන්තර් මහාද්වීප යා කරමින් සිදුකෙරන මෙම වැඩපිළිවෙල තුළින් පුළුල් සංවර්ධනයක් අපෙක්ෂා කරන බවයි.

චීනයේ පැරණි කියමනක් සිහිපත් කල ජගත් මහලේකම්වරයා පැරණි සේද මාවතේ අත්දැකීම් උකහා ගෙන නව වැඩපිළිවෙල හරහා සියලු දෙනාට ප්‍රතිලාභ ලගා කර ගන්නා ලෙස ඔහු ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේය.

ඔහු වැඩිදුරටත් සදහන් කලේ චීනය, ජාත්‍යන්තර ‍සහයෝගිතාව වෙනුවෙන් වර්ධනීය කාර්යභාරයක් ඉටු කරන බවයි.

ආසියානු යටිතල පහසුකම් අයෝජන බැංකුව, එක්සත් ජාතින්ගේ සාම සාධක කටයුතු සහ වර්ධනය, ස්ථාවරත්වය සහ සෞභාග්‍ය සදහා නව අරමුදල් සැලසුම් කිරිම ඒ අතර වන බව ඇන්තෝනියෝ ගුටරෙස් මහතා පැවසීය.

ඔහු සදහන් කලේ චීනය යනු බහු විවිධත්වයේ ස්ථම්භයක් බවයි.

සංවර්ධනය වෙමින් පවතින රටවල වේගවත් වර්ධනය හා 2030 එක්සත් ජාතින්ගේ තිරසර සංවර්ධන න්‍යාය පත්‍රයේ අරමුණු ඉටුකර ගැනිම සදහා එක්සත් ජාතින්ගේ සංවිධානය හා ලෝක ප්‍රජාව එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙලට සහාය දෙනු ඇතැයි ද ඇන්තෝනියෝ ගුටරෙස් මහතා පැවසිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *