ඩේල් ස්ටේන්ට එංගලන්ත සංචාරය අහිමි වෙයි

(කොළඹ, ලංකාපුවත්) – දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඩේල් ස්ටේන්හට එළඹෙන එංගලන්ත සංචාරය අහිමි වී තිබේ.

ඔහුගේ උරහිසේ පවතින ආබාධය තවමත් සුව නොවීම හේතුවෙන් ඔහුට මෙම සංචාරය අහිමි වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

පසුගිය නොවැම්බර් මාසයේ ඔස්ට්‍රේලියාව සමඟ පර්ත්හිදි පැවැති තරඟයකදී ඩේල් ස්ටේන්ගේ උරහිසේ අස්ථි බිදිමක් සිදු විය. අනතුරුව ඔහු සැත්කමකට ද භාජනය කළ අතර සැත්කමින් අනතුරුව ඔහුගේ තත්ත්වය තවමත් සුව වී නොමැත.

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ එංගලන්ත සංචාරය ලබන සතියේ ආරම්භවීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *