චැම්පියන්ස් කුසලාන ත්‍යාග මුදල් ප්‍රකාශයට පත් කරයි

(කොළඹ, ලංකාපුවත්) – එංගලන්තයේ පැවැත්වෙන 08 වන චැම්පියන්ස් කුසලාන තරගාවලියේ ත්‍යාග මුදල් ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව ජුනි 01 වනදා සිට 18 වනදා දක්වා පැවැත්වෙන තරගාවලිය සඳහා පිරිනැමෙන මුළු ත්‍යාග මුදල අමෙරිකානු ඩොලර් මිලියන 4.5කි.

එහිදී ශුරතාවය දිනා ගන්නා කණ්ඩායමට අමෙරිකානු ඩොලර් මිලියන 2.2ක් හිමි වනු ඇත.

තරගාවලියේ අනුශූරතාව දිනා ගන්නා කණ්ඩායමට අමෙරිකානු ඩොලර් මිලියන 1.1ක් හිමි වන අතර අවසන් පූර්ව වටයට පිවිසෙන අනෙක් කණ්ඩායම් දෙකට ඩොලර් 4,50,000 බැගින් හිමි වේ.

මෙවර චැම්පියන්ස් කුසලාන තරගාවලියට ශ්‍රී ලංකාව පිවිසෙනුයේ ජුනි 03 වැනිදා ලන්ඩන් ඕවල් ක්‍රීඩාංගණයේදී දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන තරඟයෙනි. එසේම ජුනි 08 වැනිදා එම ක්‍රීඩාංගණයේදීම ශ්‍රී ලංකාව, ඉන්දියාව සමඟ තරඟ වදියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *