පිකාසෝගේ චිත්‍රයකට ඩොලර් මිලියන 45ක ඉහළ ලංසුවක්

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පැවැති වෙන්දේසියක දී සුප්‍රකට චිත්‍ර ශිල්පී පැබ්ලෝ පිකාසෝගේ ආලේඛ්‍ය චිත්‍රයක් ඉහළ ලංසුවකට අලෙවි වී තිබෙන බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

‘නිල් වත හැඳි කත’ නමැති ආලේඛ්‍ය චිත්‍රයයි මෙසේ ඉහළ ලංසුවකට අලෙවි වී ඇත. එය අමෙරිකානු ඩොලර් මිලියන 45කට අලෙවි වී ඇති බව වාර්තා වේ.

මෙය පැබ්ලෝ පිකාසෝගේ පෙම්වතියක වන ඩෝරා මාර්ගේ සිතුවමක් බව පැවසේ. 1939 වසරේ දී පැබ්ලෝ පිකාසෝ මෙම නිර්මාණය සිදුකර ඇති බව සදහන් වේ. ඩෝරා සහ පිකාසෝ වසර නවයක කාලයක් දැඩි බැදීමකින් සිටි බවද වාර්කා වේ. 1939 දී පිකාසෝගේ වයස අවුරුදු 58ක් වූ අතර ඩෝරා 31වැනි වියෙහි පසු විය.

දෙවන ලෝක යුද සමයේ නාසි හමුදාව පැහැරගත් මෙම සිතුවම ප්‍රංශ හමුදාව යළි අත්පත්කර ගෙන තිබේ.

මීට වසර හයකට පෙර මෙම සිතුවම ඩොලර් මිලියන 26කට අලෙවි වී ඇත.

නිල් වත හැඳි කත සිතුවම පිකාසෝගේ විශිෂ්ඨතම නිර්මාණයක් ලෙස සළකනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *