රණවිරුවන්ට උපහාර දැක්වීම ජනපති-අගමැති ප්‍රධානත්වයෙන් 19වනදා

(කොළඹ, ලංකාපුවත්) – ත්‍රස්තවාදය පරාජය කර මේ රටට නිදහස ලබා දුන් අපේ රණවිරුවන්ට කෟත ගුණ සළකනු වස් ඔවුන්ට උපහාර දැක්වීමේ සැමරුම් උත්සවය ලබන සිකුරාදා(19) පැවැත්වේ.

එදින පස්වරු 03.00ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මැති ඇමතිවරු ද ත්‍රිවිධ හමුදාපතිවරු සහ තවත් ප්‍රභූවරුන්ගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුව අසල දියවන්නා රණවිරු ස්මාරකය අසල දී එය පැවැත්වෙනු ඇත.

රණවිරු සේවා අධිකාරිය විසින් සංවිධාන කර ඇති මෙම අවස්ථාවේදී යුද්ධයේදී දිවි දුන් රණවිරුවන්ගේ දෙමාපිය ඥාතීන් ඇතුළු බොහෝ පිරිසක් රණවිරු ගුණ සමරා එම ස්මාරකයට පුෂ්පෝපාහාර දැක්වීම සිදු කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *