සයිබර් ප්‍රහාරයට උතුරු කොරියාව සම්බන්ධ බවට සාධක

(කොළඹ, ලංකාපුවත්) – රටවල් රැසකට බලපෑම් එල්ල කළ සයිබර් ප්‍රහාරයට, උතුරු කොරියාව සම්බන්ධ බවට සාධක ඇතැයි පර්යේෂකයින් පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

අදාළ ප්‍රහාරයෙන් රටවල් 150කට අධික සංඛ්‍යාවක ලක්ෂ තුනකට අධික පරිගණක සංඛ්‍යාවකට බලපෑම් එල්ල වී තිබෙන බව වාර්තා වේ.

රැන්සම්වෙයාර් නැමැති වෛරසය ඔස්සේ සයිබර් ප්‍රහාරය එල්ල කෙරුණේ ඉකුත් සිකුරාදා ය.

හානියට පත් පරිගණකයක් යථාවත් කිරීමට අදාළ පුද්ගලයන් ඉල්ලා සිටින කප්පම් මුදල අමෙරිකානු ඩොලර් 300කි. මේ වන විට අදාළ කප්පම්කරුවන්ට අමෙරිකානු ඩොලර් 70,000ක පමණ මුදලක් ගෙවා ඇති බව, ධවල මන්දිරය ඊයේ ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *