අමෙරිකා ජනපතිවරණයේ චෝදනා විමර්ශනයට FBI හිටපු ප්‍රධානියෙක් පත් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – පසුගිය අමෙරිකානු ජනාධිපතිවරණ සමයේදී රුසියාව මැදිහත් වූ බවට නැගෙන චෝදනා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන අධික්ෂණය කිරීම සඳහා එෆ්බීඅයි ආයතනයේ හිටපු ප්‍රධානියෙකු වන රොබට් එස් මුලර් නම්කර තිබේ.

විශේෂ නඩු පවරන නිළධාරියකු ලෙස ඔහුව නම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

පොදු යහපත උදෙසා පිටස්තරයකු අධික්ෂණ කටයුතු සඳහා කැඳවූ බව එරට නියෝජ්‍ය නීතිපති රෝඩ් රොසන්ස්ටයින් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත.

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය සතියේ එෆ්බීඅයි ප්‍රධානී ජේම්ස් කොමී ව ඉවත් කිරීමෙන් පසු විශේෂ නඩු පවරන නිළධාරියකු කැඳවීමට දැනුම් දී තිබුණි.

මුලර්, 2001 වසරේ සිට 2013 වසර දක්වා එෆ්බීඅයි ආයතනයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ අයෙකි.

මේ අනුව එෆ්බීඅයි විමර්ශන මඟින් ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරක කණ්ඩායම සහ රුසියාව සමඟ සබඳතා තිබුනේද යන්න පිළිබඳව සොයා බැලිමට නියමිතය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *