ටොනාඩෝවක් නිසා අමෙරිකා ජන ජීවිතයට බාධා

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකාවට බලපෑ ටෝනාඩෝ සුළිකුණාටුවකින් ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔකලහොමා ප්‍රාන්තයේ බටහිර ප්‍රදේශය හරහා ටෝනාඩෝ සුළිකුණාටුව පසුගියදා අගහරුවාදා හමාගොස් තිබුණි.

පුද්ගලයින් දෙදෙනෙකු මෙයින් මිය ගොස් ඇති බව වාර්තා වේ.

ඔකලහොමා ප්‍රාන්තයේ බටහිර ප්‍රදේශයේ පිහිටි නිවාස 70ක් පමණ විනාශයට පත් වී තිබෙන අතර සුළිකුණාටුවෙන් දුරකථන හා විදුලිබල පද්ධතියට ද දැඩි හානි සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *