අමෙරිකා ඉතිහාසයේ දැවැන්තම දේශපාලන දඩයමට තමා හසුව ඇතැයි ට්‍රම්ප් කියයි

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකා ඉතිහාසයේ දේශපාලන නායකයෙකුට එරෙහිව දියත් වූ දැවැන්තම දඩයමට තමන් මුහුණ දෙමින් සිටින බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කරයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා ඒ බව පවසා ඇත.

ඔහුගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට රුසියාවේ බලපෑමක් පැවතියේ ද යන්න පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා විශේෂ විමර්ශකයෙකු පත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ සටහන තබා තිබේ.

FBI හෙවත් මධ්‍යම විමර්ශන කාර්යාංශයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන රොබට් මුලර් අදාළ විමර්ශන කටයුතුවල ප්‍රධානියා වශයෙන් මේවන විට පත් කරනු ලැබ ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *