GSP + සහනය අද සිට

(කොළඹ, ලංකාපුවත්) – ජී එස් පී ප්ලස් බදු සහනය ශ්‍රී ලංකාවට අද(19) සිට යළි හිමිවේ.

වත්මන් රජයේ නිවැරදි විදෙස් ප්‍රතිපත්තිය , මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කිරීමේ වැඩපිළිවෙළ මෙන්ම ජනාධිපතිතුමා , අගමැතිතුමා ඇතුලු සමස්ත රජයේම කැපවීම මත ජී එස් පී සහනය යළි ලබා ගැනීමට හැකිවිය.

ඒ අනුව ජී එස් පී ප්ලස් බදු සහනය ලබාගැනීමට සම්පූර්ණ කළයුතු කඩඉම් සියල්ල ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණි.

යුරෝපා සංගමයේ විදේශ සහ වෙළෙද අමාත්‍යවරුන්ගේ කමිටුව එය ලබා දීමට තීරණය කිරීම අවසන් කඩඉම විය. ඊට පෙර ශ්‍රී ලංකාවට ජී එස් පී ප්ලස් බදු සහනය ලබා දීමට එරෙහිව යුරෝපා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ යෝජනාව වැඩි ඡන්ද 317කින් පරාජයට පත්වීම ද ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණයකි.

2005 වසරේදී ජී එස් පී ප්ලස් සහනය පළමුවරට ශ්‍රි ලංකාවට ලැබුණි. එහෙත් 2010 වසරේදී එය ශ්‍රී ලංකාවට අහිමි විය.

වත්මන් රජය අවස්ථා ගණනාවකදීම මෙම සහනය ලබා ගැනීම සදහා යුරෝපා සංගමය සමග සාකච්ඡාවල නිරතවූ අතර එය ඵලදැරුවේ අද සිට මෙම සහනය ශ්‍රී ලංකාවට යළි අත්කර ගැනීමට අවස්ථාව උදාකරදෙමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *