සිරියාවේ හෝම්ස් නගරයේ සම්පූර්ණ බලය සිරියා හමුදා යටතට

(කොළඹ, ලංකාපුවත්) – සිරියාවේ හෝම්ස් නගරයේ බලය සම්පූර්ණයෙන්ම තමන් යටතට ගැනීමට සිරියා රජයේ හමුදා සමත් වී ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරනුයේ කැරළිකරුවන් සතුව පැවති හෝම්ස් නගරයේ අවසන් බලප්‍රදේශය තමන් යටතට ගනිමින් මෙම ජයග්‍රහණය ලබා ගැනීමට සිරියා හමුදා සමත් වූ බවය.

නගරයේ සිර වී සිටි සිවිල් වැසියන් 3,000කට ආසන්න පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට මේවන විට පියවර ගෙන තිබේ.

කැරළිකරුවන් අටවා තිබූ බෝම්බ හා අවි ආයුධ රැසක් සොයා ගැනීමට ද ආරක්ෂක අංශ සමත් ව ඇත.

කැරළිකරුවන් යටතේ පවතින ප්‍රදේශ රැසක් මේ වන විටත් සිරියා රජයේ හමුදා තමන් යටතට ගෙන ඇති අතර හෝම්ස් නගරය තම භාරයට ගැනීම ඉතා වැදගත් බව ඉරාක ආරක්ෂක අංශ සදහන් කර සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *