නව ඇමතිවරුන්ගේ විෂය පථයන් ගැසට් කිරීම දින 05ක් තුළ දී

(කොළඹ, ලංකාපුවත්) – නව අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අදාළ විෂය පථයන් ඉදිරි දින 05 ඇතුළත ගැසට් කිරීමට රජය තීරණය කර ඇත.

ජනාධිපතිතුමා, අග‍්‍රාමාත්‍යවරයා සහ රජයේ ප‍්‍රධාන ඇමතිවරුන් කිහිප දෙනෙකු රැස්වී විෂය පථයන් වෙන් කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ඇති බවට තොරතුරු වාර්තා වේ.

එසේම දැනට සිටින කැබිනට් අමාත්‍යවරුන් සතු ආයතන කිහිපයක්ද නව අමාත්‍යවරුන් වෙත පැවරීමේ සූදානමක් ඇතැයි වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *