කොළඹට හෙට පැය 18 ක ජල කප්පාදුවක්

(කොළඹ, ලංකාපුවත්) – හදිසි අත්‍යවශ්‍ය ජලනළ අළුත්වැඩියාවක් හේතුවෙන් හෙට(24) සහ අනිද්දා (25) ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරයි.

ඒ අනූව හෙට(24) රාත්‍රී 10.00 සිට පසුදින සවස 4.00 දක්වා පැය 18ක කාලයක් කොළඹ පහත සඳහන් ප්‍රදේශවලට ජල සැපයමු අත්හිටුවෙනු ඇත.

කොළඹ 02 සහ කොළඹ 03, මීට අමතරව තිඹිරිගස්යාය, හැව්ලොක් පාර, කොළඹ 08 සහ කොළඹ 10 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයේ.

ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් ජල පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳව මණ්ඩලය සිය කණගාටුව පල කරන අතර අවශ්‍ය ජලය කල්තබා රැස්කර ගන්නා මෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවට දැනුම් දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *