ජනපති කැන්බරා නුවර දී මහෝගනී පැළයක් රෝපණය කරයි

(කොළඹ, ලංකාපුවත්) –ඔස්ට්‍රේලියාවේ තෙදින රාජ්‍ය සංචාරය අරඹමින් කැන්බරා නුවරට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කැන්බරා නුවර පිහිටි විද්‍යා හා නවෝත්පාදන රුක් රෝපණ මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

උද්‍යානය වෙත පැමිණි ජනාධිපතිතුමා පිළිගනු ලැබුවේ එම ප්‍රාන්තයේ නීතිපති Gordon Ramsay සහ උද්‍යානයේ අධ්‍යක්ෂ Mr. Scott Saddler යන මහත්වරුන් විසිනි.

සිය සංචාරය සනිටුහන් කරමින් උද්‍යානයේ මහෝගනී පැළයක් ද රෝපණය කළ ජනාධිපතිතුමා විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *