බ්‍රිතාන්‍යයේ ආරක්ෂාව ඉහළට – රටපුර පොලිසිය

(කොළඹ, ලංකාපුවත්) – බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර් නුවරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයත් සමග එරට ආරක්ෂාව උපරිමයට වැඩි කිරීමට රජය කටයුතු කර තිබේ.

තවත් ත්‍රස්ත ප්‍රහාර එල්ල විය හැකි බවට අනතුරු අගවන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ පවසා ඇත.

ඒ අනුව ජනාකීර්ණ හා වැදගත් ස්ථාන රැසක ආරක්ෂාව සදහා දහස් ගණනක් පොලිස් නිලධාරීන් අනියුක්ත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

මැන්චෙස්ටර් නගරයේ පසුගිය සඳුදා රාත්‍රියේ පැවති සංගීත ප්‍රසංගයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ බවට සැක කෙරෙන පුද්ගලයාගේ නම පොලිසිය විසින් මේවන විට ප්‍රකාශයට පත් කර ඇත.

සැකකාර පුද්ගලයා ලිබියානු සම්භවයක් සහිත විසි දෙහැවිරිදි සල්මන් අබේඩි නමැති මැන්චෙස්ටර් නගරයේ උපත ලැබූවෙකු බව වාර්තා වේ.

ප්‍රහාරය එල්ල කිරීම සඳහා අබේඩිට වෙනත් පුද්ගලයෙකුගේ සහාය ලැබී ඇත්දැයි යන්න පිළිබඳ මූලික වශයෙන් පරීක්ෂණ සිදු කරන බව මැන්චෙස්ටර් පොලිසිය පැවසීය.

ප්‍රහාරයට හසුව පුද්ගලයන් විසි දෙදෙනෙකු මරණයට පත් වූ අතර තවත් පනස් නව දෙනෙක් තුවාල ලැබූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *