ඇතැම් ප්‍රදේශවලට තද වැස්ස

(කොළඹ, ලංකාපුවත්) – නිරිතදිග මෝසම් කාලගුණ තත්වය දිවයින හරහා ස්ථාපනයවීමත් සමග ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර 150 ඉක්මවූ තද වැසි ඇතිවිහ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මේ හේතුවෙන් දිවයිනේ නිරිතදිග කොටසේ සුළං තත්වයක් ද අපේක්ෂිතයි. ඊයේ රාත්‍රී සිට ප්‍රදේශ රැසකට වැසි ඇද හැලෙමින් පවති.
ඉදිරි පැය 48 සඳහා නිකුත් කෙරුණු විශේෂ කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ, බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. එවිට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇතිවිය හැකිය.

අකුණු අනතුරුවලින් ආරක්ෂා වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දේ. වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *