ග්‍රීසියේ හිටපු අගමැතිට බෝම්බ ප්‍රහාරයක්

(කොළඹ, ලංකාපුවත්) – ග්‍රීසියේ හිටපු අග්‍රාමාත්‍යවරයා ලූකස් පපාඩෙමෝස් ඉලක්ක කරගනිමින් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇත.

මෙම ප්‍රහාරයෙන් ඔහු තුවාල ලබා රෝහල් ගතකර තිබෙන බව අල්ජසීරා වෙබ් අඩවිය වාර්තා කරයි.

හිටපු අග්‍රාමාත්‍ය 69 හැවිරිදි ලූකස් පපාඩෙමෝස් ගමන් කළ මෝටර් රථය ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය එල්ලකර තිබේ. ඉන් ඔහුගේ පාදයට, උරහිසට සහ පපුවට හානි සිදුව ඇති නමුත් ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව සදහන් වේ.

මෙම ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකුත් භාරගෙන නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *