ආපදාවට ලක්වූ ප‍්‍රදේශවලට විශේෂ වෛද්‍ය කණ්ඩායම්

(කොළඹ, ලංකාපුවත්) – ගංවතුර හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවගේ සෞඛ්‍ය තත්වය පරීක්ෂා කිරීම සඳහා විශේෂ වෛද්‍ය කණ්ඩායම් කිහිපයක් අදාළ ප‍්‍රදේශවලට පිටත් කර යවා ඇතැයි අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සදහන් කළේය.

අමාත්‍යවරයා කියා සිටියේ ආපදාවට ලක්වූ ප‍්‍රදේශවලින් මෙතෙක් කිසිදු බෝවන රෝග තත්වයක් වාර්තා වී නොමැති බවයි.

ඉදිරියේ දී එවැනි තත්වයක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා උපරිම පියවර ගනිමින් සිටින බවද අමාත්‍යවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *