බෙංගාල බොක්ක පීඩන අවපාතය සුළි කුණාටු තත්වයකට

(කොළඹ, ලංකාපුවත්) – මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නැගෙනහිර දෙසින් පැවැති පීඩන අවපාතය සුළි කුණාටුවක් (MORA)බවට පත්වී, එය තවදුරටත් දිවයිනෙන් ඈතට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි බලපෑම හේතුවෙන් දිවයින හරහා අහස වළාකුලින් බරව පවතින අතර වැසි සහ සුළං තත්ත්වයන් අපේක්ෂා කල හැකිය.

මේ නිසා අද සහ හෙට වැසි තත්වය වර්ධනය විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දිවයිනේ(විශේෂයෙන් මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් වල) සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල විටින් විට හමන පැ.කි.මී. 80 දක්වා තද සුළං ඇතිවේ.
බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

අැතැම් ස්ථාන වල (විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ වල) මි.මි. 100 වැඩි තද වැසි බලාපොරොත්තු විය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *