පීඩාවට පත්වුවන්ගේ පානීය ජලගැටලුව විසඳුම්

(කොළඹ, ලංකාපුවත්) – පීඩාවට පත්වුවන්ගේ පානීය ජලගැටලුවෙන් සියයට අසුවකට විසඳුම් ලබාදීමට හැකිව ඇති බව අමාත්‍ය රවුෆ් හකීම් මහතා පැවසීය.

බද්දේගම ජල සම්ප්‍රේෂණ නලය මුලු මුනින්ම ජල ගැල්මට හසුවු බවත්, වක්වැල් මධ්‍යස්ථානය තාවකාලිකව අඩපන වු බවත් ඔහු කියා සිටියේය. හදිසි තත්වය හේතුවෙන් රන්න, හුංගම තංගල්ල සහ දැදිගම යන ප්‍රදේශවල පානීය ජලය ලබාදිමට අපහසුතා ඇති බවත් ඔහු කියා සිටියේය.

දැනට ජල බවුසර් මගින් ජනතා අවශ්‍යතා සපුරනු ලැබේ. රත්නපුර නගරයට පානීය ජලය ලබාදිමට ගැටලුවක් ඇතිවි ඇති බවත් ඊට ජල බවුසර් මාර්ගයෙන් විඳුම් ලබාදී ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

ලබුගම සහ කලටුවාව ජලපවිත්‍රාගාරයේ සම්ප්‍රේෂණ නළ 05 න් තුනක් විනාශවි තිබේ. එම සම්ප්‍රේෂණ පිහිටා ඇති ස්ථාන නාය අනතුරුවලට ලක්විම ඊට හේතුව වේ.

ගොඩනැගිලි පාර්යේෂණ ආයතනය දැනුම් දී ඇත්තේ එහි පිලිසකර කිරිම් තාවකාලිකව අත්හිට විය යුතු බවය. කෙසේ වුවද මෙම තත්වය හේතුවෙන් කොළඹ නගරයට ජල සැපයු මෙහි කිසිදු බාධාවක් ඇතිවි නැති බව අමාත්‍යවරයා සඳහන් කළේය. දිවයිනේ පානීය ජලයෙහි පිරිසිඳු භාවය පිළිබඳව කිසිදු ගැටලුවක් නොමැති බව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *