(කොළඹ, ලංකාපුවත්) – පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පාසල් සිසුන් 44 දෙනෙකු ඇතුළු 202ක් මිය ගොස් ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
කොළඹ අද(31) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරන ලද්දේ නායයාම් සහ ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගල සංඛ්‍යාව 202 ක් දක්වා ඉහළ ගොස් ඇති බවය.
පුද්ගලයින් 96 දෙනෙකු අතුරුදන්ව ඇති අතර 63 දෙනෙකු තුවාල ලබා ඇත.
මේ වන විට වර්ෂාපතනයත් සමඟ ඇති වූ ජල ගැලීම් සහ නායයාම් හේතුවෙන් පවුල් 163,701 ට අයත් පුද්ගලයින් 629,742 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සදහන් කළේය.