ආපදා හේතුවෙන් මිය ගිය ගණන 196ක් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ආපදා තත්ත්වය හේතුවෙන් මිය ගිය පුද්ගල සංඛ්‍යාව 196 දක්වා වැඩි වී තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

අතුරුදන් සංඛ්‍යාව 93කි. පවුල් 21,320ක පුද්ගලයන් 84,555ක් අවතැන්ව ඇත.

ආපදා කළමාකරණ මධ්‍යස්ථානය සදහන් කරන ලද්දේ පූර්ණ හානි වූ නිවාස සංඛ්‍යාව 1458ක් අර්ධ හානි වූ නිවාස සංඛ්‍යාව 7183 ක් වන බවය. ආරක්ෂිත ස්ථාන 382ක් මේ වන විට පුද්ලයින් රැදී සිටියි.

වියළි ආහාර හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය එකතු කිරීමේ මධ්‍යස්ථානයක් ආපදා කළමණාකරණ අමාත්‍යාංශයෙන් ස්ථාපිත කර තිබේ. එය පිහිටා ඇත්තේ කොළඹ 07, විද්‍යා මාවතේය. පරිත්‍යාග සඳහා තොරතුරු දැන ගැනීමට 011-3119399 / 076-3086001 යන දුරකථන අංක ඇමතිය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *