කාලගුණ අනාවැකි දැනගන්න ජපානයේ සහාය

(කොළඹ, ලංකාපුවත්) – කාලගුණ අනාවැකි නිවැරැදිව ප්‍රකාශ කිරීම සඳහා යොදා ගන්නා ඩොප්ලර් යන්ත්‍ර දෙකක් සහ කාලගුණ තොරතුරු නිවැරදිව වාර්තා කළ හැකි ජපන් චන්ද්‍රිකාවක සහාය ශ්‍රී ලංකාවට ලබාදීමට ජපන් රජය කටයුතු කරගෙන යන බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

මේ හැර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ගොන්ගල කන්දේ සවිකොට තිබූ ඩොප්ලර් යන්ත්‍රය ක්‍රියාවිරහිත වීම නිසා එය අලුත්වැඩියා කිරීම සඳහා එම යන්ත්‍රය නිපදව ඇති අමෙරිකානු සමගම වෙත නැව් මඟින් යවා ඇති බව අමාත්‍යවරයා අද (31) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවක දී කියා සිටියේය.

සුළි සුළං, ගංවතුර, ආදී ආපදාවන් ඉදිරි කාලයේ විටින් විට ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවට නවීන උපකරණ සපයා එය තාක්ෂණික අතින් වඩාත් දියුණු කළ යුතු බවද අමාත්‍යවරයා කීය.

ආපද කළමනාකරණ අමාත්‍යාංශය විසින් දැනටමත් ගංවතුර තර්ජනයට ලක්වන ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත බෝට්ටු ලබා දී තිබේ. එම සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන බැවින් තවත් බෝට්ටු 100ක් එම ප්‍රදේශවලට ලබා දීමට පියඣ්වරගෙන ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *