ශ්‍රී ලාංකිකයන් ක්‍රියාකළ ආකාරය ගැන හිටපු ජනපතිනියගෙන් නිවේදනයක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේ සිදු වූ අයහපත් කාලගුණ තත්වය හමුවේ සමස්ත ශ‍්‍රී ලාංකික ජනතාව සියලූ වෙනස්කම් පසෙකලා එක්සත්ව එකිනෙකාට සුවිශේෂි ලෙස සහය වීම අතිශයින් අගය කරන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඇය සඳහන් කළේ පීඩාවට පත්වූ ජනතාව මුදා ගැනීම සඳහා ජාති ආගම් භේදවලින් තොරව රාජ්‍ය යාන්ත‍්‍රණය සමඟ එක්ව සිටින සියලූ දෙනා වෙත සිය ප‍්‍රශංසාව හා ගෞරවය පිරිනමන බවය.

විශේෂයෙන් ති‍්‍රවිධ හමුදාව, පොලිසිය මෙන්ම සමස්ත රාජ්‍ය සේවය ඉටු කරන උදාර මෙහෙයට ශ‍්‍රී ලාංකේය ජනතාවගේ ගෞරවය ද හිමිවනු ඇත.

එමෙන්ම ඔවුන් වෙත ජාතික සමඟිය හා සංහිඳියා කාර්යංශයේ ගෞරවය ද පිරිනමන බව හිටපු ජනාධිපතිය සඳහන් කර තිබේ.

මෙවැනි විනාශකාරී අවස්ථා නැවත ඇති නොවන ලෙස වගබලා ගැනීම ශ‍්‍රී ලාංකිකයින් සියලූ දෙනාගේ පරම යුතුකමක් බවද හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *