දකුණු කොරියාවට නව අගමැතිවරයෙක්

(කොළඹ, ලංකාපුවත්) – දකුණු කොරියා නව අග්‍රාමාත්‍යවරයා ලෙස ලී නෑක් යොන් තෝරා පත්කරගෙන ඇත. ඔහු දකුණු කොරියාවේ 45වන අග්‍රාමාත්‍යවරයා වේ.

දේශපාලනයට පිවිසීමට පෙර ඔහු මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ අයෙකි. දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් විසින් අග්‍රාමාත්‍ය ධුරය සඳහා ලී නෑක් යොන් යෝජනා කර තිබේ.
පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත මත ඔහු අගමැති ධුරය සඳහා නම්කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

දකුණු කොරියා දේශපාලන නීතිවලට අනුව අග්‍රාමාත්‍ය ධුරය ඉතා වැදගත් වේ. එමෙන්ම එහි රාජකාරී ආරම්භ කිරීම සිදුවන්නේ සම්ප්‍රදායානුකූලවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *