ගංවතුරින් විපතට පත් ජනතාවට රජය දෙන වියළි ආහර සළාකය අඛණ්ඩව

(කොළඹ, ලංකාපුවත්) – ගංවතුර හා නාය යෑම්වලින් විපතටපත් ජනතාවට දැනට නොමිලේ ලබාදෙන වියළි ආහාර ද්‍රව්‍ය සළාකය ඔවුන් නැවත පදිංචියට යන තෙක් අඛණ්ඩව ලබාදීමට රජය තීරණය කර තිබේ.

එමෙන් ම මෙම ආපදවලදී හනියට පත් වී ඇති නිවාස රජය මඟින් අලුත්වැඩියා කරදීමටත් අනවසර නිවාස ඉදිකොට පදිංචි වී සිටි අයට සුදුසු ස්ථානවලින් ඉඩම් ලබාගෙන නිවාස තනාදීමට අමාත්‍යමණ්ඩලය තීරණය කොට ඇති බවද සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගී වෙමින් ඊයේ (31) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අමත්‍යවරයා මේ බව කියා සිටියේය.

විපතට පත් අනවසර පදිංචිකරුවන් යළි පදිංචි කරවීම සඳහා අවශ්‍ය ඉඩම් සොයා දෙන ලෙස ඉඩම් අමාත්‍යාංශය ප්‍රාදේශීය ලේකම්වරුන්ට දැනුම් දී ඇති බවද සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *