ශෂී වීරවංශගේ හැඳුනුම්පත හා විදෙස් ගමන් බලපත්‍රය අස්ථානගතව නැතැයි හෙළිවෙයි

(කොළඹ, ලංකාපුවත්) – පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියගේ ජාතික හැඳුනුම්පත හා විදෙස් ගමන් බලපත්‍රය අස්ථානගත වී නැති බව අධිකරණය හමුවේ ප්‍රකාශ කෙරුණි. ඒවා අධිකරණයේ නඩු භාණ්ඩ භාරකරු භාරයේ තිබී හමුවූ බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කර ඇත.

ආගමන විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ලබා දී අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් ලබාගත් බවට ශෂී වීරවංශ මහත්මියට චෝදනා එල්ල වී තිබේ.

එම නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (31) කැඳවූ අවස්ථාවේ පුද්ගලයින් ලියා පදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් ඉන්දික කුමාර හේරත් මහතා සාක්‍ෂි ලබා දී තිබුණි. අංක දෙකක් යටතේ ජාතික හැඳුනුම්පත් දෙකක් ශෂී වීරවංශ මහත්මිය භාවිත කර ඇති බවට පුවත්පතක පළ වූ වාර්තාවලට අනුව විමර්ශන ආරම්භ කළ බව ඔහු ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධ වැඩිදුර සාක්‍ෂි විමසීම ලබන මස 22වනදා දක්වා කල් තැබීමට අධිකරණය නියෝග කරන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *