(කොළඹ, ලංකාපුවත්) – අයි සී සී ශූරයන්ගේ කුසලාන එක් දින ක්රිකට් තරගාවලිය ආරම්භ කරමින් සත්කාරක එංගලන්ත ක්රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම, ලන්ඩනයේ කෙනින්ටන් ඕවල් පිටියේදී අද (01) තරග වදියි.
‘‘ඒ’’ සහ ‘‘බී’’ ඛාණ්ඩ යටතේ මෙවර තරගාවලියේදී ශූරතාව දිනා ගැනීමට කණ්ඩායම් අටක් තරග වදිනු ඇත.
ශ්රී ලංකාව, ඉන්දියාව, පාකිස්ථානය සහ දකුණු අප්රිකාව තරග වදින්නේ බී ඛාණ්ඩය යටතේයි.
එංගලන්තය, බංග්ලාදේශය, ඔස්ටේ්රලියාව සහ නවසීලන්තය ඒ ඛාණ්ඩයෙන් තරග වදියි.
තරගාවලියේ අවසන් මහා තරගය ජූනි මස 18 වනදා ලන්ඩනයේ කෙනින්ටන් ඕවල් පිටියේදී පැවැත්වීමට නියමිතය.
ශ්රී ලංකා කණ්ඩායම මෙවර තරගාවලියේදී පළමුව තරගවදින්නේ දකුණු අප්රිකානු කණ්ඩායම සමගය. එළඹෙන 03වනදා මෙම තරගය පැවැත්වීමට නියමිත වේ.