ළමා හිංසනය තුරන් කරන්න ඇමති චන්ද්‍රානි සහතික වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව තුළ ළමා හිංසනය වැළකීම සඳහා සහතික වෙමින් එක්සත් ජාතීන් සමග ප්‍රකාශනයට එළඹීමට කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය  චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය පියවර ගෙන තිබේ.

ඒ අනුව වසර 2030වන විට ශ්‍රී ලංකාව තුළ දරුවන්ට එරෙහි හිංසනය තුරන් කිරීමේ ජාතික හවුල්කාරීත්වය එළිදැක්වීම අද(02) කොළඹ දී සිදු කෙරුණි.

ශ්‍රී ලංකා රජය, එක්සත් ජාතීන්ගේ නීයෝජ්‍ය ආයතනය, ජාත්‍යන්තර සංවිධාන, සිවිල් සමාජ, ආගමික සංවිධාන, පෞද්ගලික අංශය, මාධ්‍ය, දරුවන් සහ අනෙකුත් ප්‍රධාන පාර්ශවකරුවන් අතර නව සහයෝගී හවුලක් ලෙස මෙම වැඩපිළිවෙල දියත් කෙරේ.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ දරුවන් තම නිවසේදී, පාසලේ දී, අන්තර්ජාලය හරහා සහ ප්‍රජාව තුළ දී විවිධ ආකාරයේ ප්‍රචණ්ඩත්වයන්ට නිරාවරණය වේ. වසර 2016 දී ප්‍රචණ්ඩත්වයට ලක් වූ දරුවන් පිළිබදව 9,000කට වඩා සිදුවීම් ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියට වාර්තා වී ඇත. ‘ශ්‍රී ලංකාව තුළ දරුවන්ට එරෙහි හිංසනය තුරන් කිරීම’ ලෙස නව සාකච්ඡා පත්‍රයක් නම් කිරීම සහ ජාතික හවුල්කාරීත්වය එළිදැක්වීම ද මේ හරහා සිදු විය.

ගවේෂණ රටවල් 12ක් අතුරින් එක් රටක් ලෙස වසර 2030 වනවිට දරුවන්ට සිදුවන අකටයුතුකම්, නොසළකාහැරීම්, උපයෝජනයන්(සූරාකෑම්) වැනි හිංසනයන් තුරන් කිරීමෙහි ලා ශ්‍රී ලංකාව, ගෝලීය වශයෙන් මූලිකත්වය ගනිමින් සිටියි. මෙම කැපවීම ගෝලීය කොටස්කරුවන් ලෙස දරුවන්ට සිදුවන හිංසනයන් තුරන් කිරීමට සහ තිරසාර සංවර්ධන අභිමතාර්ථ ලඟා කර ගැනීම සදහා දරුනු ලබන පරිශ්‍රමයට සහයෝගයක් ලබා දේ.
මෙම අවස්ථාවේදී ඇමතිනී චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය කියා සිටියේ දරුවන්ට එරෙහි හිංසනය තුරන් කිරීමේ ජාතික හවුල්කාරීත්වය, ශ්‍රී ලංකාවට එහි සාර්ථකත්වය බෙදා ගැනීමට, අභියේග සාකච්ඡා කිරීමට සහ දැනුම බෙදා ගැනීමට අවස්ථාව සලසන වැදගත් ස්ථානයක් නිර්මාණය කරන බවය.

ශ්‍රී ලංකාව කායික සහ ලිංගික අපචාර මෙන්ම නොසලකා හැරීම් සහ සූරාකෑම්වලින් දරුවන් ආරක්‍ෂා කිරීමට මුල පිරීම් රාශියක කටයුතු කරගෙන යන අතර තුර මෙම සාකච්ඡා පත්‍රය එම උත්සාහයන් තවත් වේගවත් කිරීමට නිර්දේශ ලබා දීමක් සිදු කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *