මෝරා සුළි කුණාටුවෙන් බංග්ලාදේශ ධීවරයින් 81දෙනෙකු අතුරුදන්

(කොළඹ, ලංකාපුවත්) – මෝරා සුළි කුණාටුවෙන් අතුරුදන් වූ ධීවරයින් 81 දෙනෙකු සොයා බංග්ලාදේශ නාවික හමුදාව මෙහෙවුමක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන් වේ.

මේ වන විට අතුරුදන් වූ ධීවරයින් 144 දෙනාගෙන් 63 දෙනෙකු බේරාගෙන ඇත. ඉන් 33 දෙනෙකු බංග්ලාදේශ නාවික හමුදාවෙනුත්, 33 දෙනෙකු ඉන්දීය නාවික හමුදාවෙනුත් බේරාලෙන තිබේ.

පැයට කිලෝමීටර 135ක වේගයෙන් බංග්ලාදේශය හරහා හමා ගිය සුළි කුණාටුවෙන් අසල්වැසි මියන්මාරයට ද බලපෑම් එල්ල විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *