එ. ජා. මහා මණ්ඩල සැසිවාරයේ උප සභාපතිවරයෙක් ලෙස ශ්‍රී ලංකාව තෝරා ගනියි

(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 72 වැනි සැසිවාරයේ උප සභාපතිවරයෙකු ලෙස කටයුතු කිරීමට ශ්‍රී ලංකාව තෝරා පත් කර ගෙන තිබේ.

මැයි මස 31වනදා එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවැති හමුවකදී මේ තීරණයට එළඹ ඇත.

ආසියා හා පැසිපික් කණ්ඩායම නියෝජනය කරමින් මෙවර සැසිවාරයේ දී ශ්‍රී ලංකාව නේවාසික නියෝජිත තානාපති රොහාන් පෙරේරා මහතා, එක්සත් ජාතීන්ගේ 72 වැනි සැසිවාරයේ දි ශ්‍රී ලංකා නියෝජිතයා ලෙස කටයුතු කිරීමට නියමිත ය.

එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩලය 72 වැනි සැසිවාරයේ සභාපතිවරයා ලෙස, ස්ලොවැකියා විදේශ කටයුතු අමාත්‍ය මිරොස්ලොෆ් ලජ්කාක්ගේ නාම යෝජනාව ද අනුමත කර තිබේ.

ශ්‍රී  ලංකා අවසන් වරට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 62 වන සැසිවාරයේ දී ද උප සභාපති ලෙස කටයුතු කර ඇත. ඒ 2007 වසරේ දී ය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *