අගමැති අද ජගත් සාගර සමුළුවට එක්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර ආරම්භ කෙරෙන එක්සත් ජාතීන්ගේ සාගර සමුළුවට අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(05) සහභාගී වේ.

වෛද්‍ය ප්‍රතිකාර සඳහා නිව්යෝර්ක් නුවරට ගොස් සිටින අග්‍රමාත්‍යවරයාට මෙම සමුළුවට සහභාගීවිම සඳහා ආරාධනය ලැබී තිබේ.

සාගර සහ සමුද්‍ර සම්පත් තිරසර සංවර්ධනය උදෙසා උපයෝගී කරගැනීම සහ සමුද්‍ර හා වෙරළබඩ පරිසර සාධකයන් කළමනාකරණය, ආරක්ෂණය සහ සංරක්ෂණය පිළිබඳව මෙම සමුළුවේදී අවධානය යොමු කෙරෙනු ඇත.

රාජ්‍ය හා ආණ්ඩු නායකයින්, අමාත්‍යවරුන්, ව්‍යවසායකයන් සහ සිවිල් නායකයන් මේ සඳහා සහභාගීවීමට නියමිතය.

සාගර හා වෙරළබඩ පරිහානිය යළි ආපස්සට හැරවීමේ ක්‍රියාදාමය, මෙම සමුළුවත් සමගින් ආරම්භ කෙරෙන බව එක්සත් ජාතීන්ගේ සාගර සමුළුවේ සභාපති පීටර් තොම්සන් මහතා විශ්වාසය පළ කර ඇත.

අග්‍රාමාත්‍යවරයා ලබන බදාදා හෝ බ්‍රහස්පතින්දා යළි දිවයිනට පැමිණීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *