උපුල් තරංගට තරඟ තහනමක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් නායකත්වය දරන උපුල් තරංගට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තරඟ තහනමක් පැනපවීමට පියවර ගෙන ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන මීළඟ තරග දෙක සදහා උපුල් තරංග ක්‍රීඩා නොකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේය.

අයිසීසී ශුරයින්ගේ ක්‍රිකට් තරගාවලියේදී දකුණු අප්‍රිකාව සමග පසුගිය 03වනදා පැවති තරගය ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් විය. මෙම තරගයේදී සිය පන්දු ඕවර් 50 යැවීමට පැය හතරකට අධික කාලයක් ගැනිමට හේතුවෙන් තරග තීරක ඩේවිඩ් බුන්, තරංගට එරෙහිව මෙම දඩුවම පනවා තිබේ.

ඒ අනුව ඉදිරි තරග දෙක තරංගට අහිමි වනු ඇත.

උපුල් තරංග වෙනුවට ඉදිරි තරග දෙකේදී කුසල් ජනිත් පෙරේරා ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කරන බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *