ඩෙංගු රෝගීන්ට දෙන ඖෂධවල හිඟයක් නැහැ

(කොළඹ, ලංකාපුවත්) – ඩෙංගු රෝගීන් සඳහා ලබාදෙන ඩෙක්ස්ට්‍රෑන් 40 (Dextran 40) නැමැති ඖෂධය අවශ්‍ය තරම් තොග රෝහල්වලට බෙදාහැර ඇති බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සරත් අමුණුගම මහතා පවසයි.

ඩෙක්ස්ට්‍රෑන් ඖෂධය රජයේ රෝහල්වල නොමැති බවට රජයේ වෛද්‍ය නිලධාරී සංගමය මාධ්‍යයට කර ඇති ප්‍රකාශය සාවද්‍ය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේය.

හදිසි ආපදාවන්ට ලක් වී ඇති දිස්ත්‍රික්කවල දැනට ඩෙංගු රෝගයේ පැතිරයාමක් දක්නට නොමැත. ගංවතුර බැසයාමෙන් පසු ඩෙංගු රෝගය පැතිර යා හැකි බැවින් ඒ සඳහා අවශ්‍ය ඩෙක්ස්ට්‍රෑන් ඖෂධය තොග රැස්කර තබා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති රැස්වීමක දී තීරණය කරන ලදී. ඒ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා තායිලන්තයෙන් ඩෙක්ස්ට්‍රෑන් 5000 ක් කඩිනමින් ගෙන්වීමට එම රැස්වීමෙි දී තීරණය කරන ලදී.

ඊට අමතරව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හරහා තවත් ඩෙක්ස්ට්‍රෑන් ඖෂධ ගෙන්වීමට ද කටයුතු යොදා ඇති බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *