ත්‍රස්ත බියක් නිසා ඉතාලියේ පාපන්දු ප්‍රේක්ෂකාගාරයක් නොසන්සුන් – 1500 කට තුවාල

(කොළඹ, ලංකාපුවත්) – ඉතාලියේ ටියුරින් නුවර පාපන්දු තරගයක් නරඹමින් සිටි පිරිසක් අතර ඇති වූ බෝම්බ බියක් හේතුවෙන් සිදුවූ තෙරපීම මත පුද්ගලයින් 1,500 කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඊයේ(04) මෙම සිද්ධිය ඇතිව තිබේ.

ශූරයින්ගේ ලීග් තරගාවලියේ අවසාන තරඟය නැරඹීම සඳහා පැමිණි පිරිසක් අතර මෙම බෝම්බ බිය පැතිර ගොස් තිබේ.

සිද්ධියෙන් තුවාල ලැබූ කුඩා පිරිමි දරුවකු ඇතුළු තිදෙනෙකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වේ.

එම පාපන්දු තරගය අතර තුර ගිනිකෙළි සංදර්ශනයක් පවත්වා ඇති අතර එහිදී ඇතැම් පිරිස් බෝම්බ යනුවෙන් කෑගසා ඇතැයි වාර්තා වේ.

ඉතාලියට මෙතෙක් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී නොමැති අතර එංගලන්තයේ ලන්ඩන් නුවරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයත් සමග එම අවධානම මේ වන විට ඉහළ ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *