ලන්ඩන් ප්‍රහාරයේ වගකීම IS ගනී

(කොළඹ, ලංකාපුවත්) – පුද්ගලයින් 07 දෙනෙකුට මරු කැඳවමින් එල්ල වූ ‘ලන්ඩන් බ්‍රිජ්’ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම අයි.එස්. සංවිධානය විසින් භාරගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම සංවිධානය අන්තර්ජාලය ඔස්සේ සිය වෙබ් අඩවියක් මගින් මේ පිළිබඳ ප්‍රකාශයට පත් කර ඇති බවය.

ලන්ඩන් නුවරට එල්ලවූ මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයින් 48 දෙනෙකු තුවාල ලැබීය.

එමෙන්ම ප්‍රහාරයට පැමිණි ත්‍රස්තවාදීන් තිදෙනෙකු පොලිස් වෙඩි පහරින් මියගිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *