නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් 21ක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 21 දෙනෙකු නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (05) අත්අඩංගුවට ගෙන ඇත.

ත්‍රිකුණාමලය, නෝර්වේ දුපතට ආසන්න මුහුදු ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

එහිදී, ධීවර කටයුතු සඳහා යොදාගත් ඩිංගි යාත්‍රා 2 ක්, තහනම් දැල් ‍ 2 ක්, කිමිදීම සඳහා යොදා ගන්නා මුහුණු ආවරණ 3 ක්, පා වරල් යුගලක් සහ මසුන් කිලෝග්‍රෑම් 294 ක් ද අත්අඩංගුවට පත්ව ඇත.

එම පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ත්‍රිකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාර දීමට කටයුතු කළ බව නාවික හමුදාව පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *