ඉන්දියාව නිපදවූ බරින් වැඩිම රොකට්ටුව සාර්ථකව උඩු ගුවනට

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාව සිය අභ්‍යවකාශ ඉතිහාසය තුළ නිපදවූ බරින් වැඩිම රොකට්ටුව සාර්ථකව ඊයේ(05) උඩු ගුවනට යවා තිබේ.

ටොන් 640ක බරින් යුතු මෙම රොකට් යානය බෙංගාල බොක්කට නුදුරින් පිහිටි ශ්‍රීහරිකොතා අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට අභ්‍යවකාශ ගත කර ඇත.

මෙය ඉන්දියාවට ඉතා සුවිශේෂී මොහොතක් බවඅ එරට මාධ්‍ය සදහන් කර තිබේ.

මෙම රොකට් යානය දැවැන්ත හස්තීන් 200ක හෝ ජම්බෝ ජෙට් යානා පහක බරට සමාන බරකින් යුතු බව පැවසේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *