ලන්ඩන් ප්‍රහාරය සිදුකළ ප්‍රහාරකයන් තිදෙනාගේ නම් හෙළි කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – ‘ලන්ඩන් බ්‍රිජ්’ත්‍රස්ත ප්‍රහාරය සිදුකළ ප්‍රහාරකයන් 03දෙනාගෙන් දෙදෙනෙකුගේ නම් බ්‍රිතාන්‍ය පොලීසිය විසින් අනාවරණය කර තිබේ.

ඉන් එක් අයෙකු 27 හැවිරිදි පාකිස්තානු ජාතිකයෙකු වන කුරාම් බට් බව සඳහන් වේ. අනෙක් ප්‍රහාරකයා මොරොක්කෝ, ලිබියානු සම්භවයක් සහිත රෂීඩ් රීඩුවාන් නම් 30 හැවිරිදි පුද්ගලයකි.

ප්‍රහාරයෙන් අනතුරුව බ්‍රිතාන්‍ය පොලීසිය ඔවුන්ට වෙඩි තබා ඝාතනය කර තිබුණි.

එසේම සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගෙන සිටි පුද්ගලයින් 12දෙනා මේ වන විට නිදහස් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

පසුගිය සෙනසුරාදා රාත්‍රියේ ‘ලන්ඩන් බ්‍රිජ්’ සහ ‘බරෝ මාකට්’ ප්‍රදේශයට එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයන් 07 දෙනෙකු මරණයට පත්ව ඇති අතර තුවාල ලැබූ 48 දෙනෙකු රෝහල් ගත කර ඇති බව සෞඛ්‍ය සේවා නිවේදනය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *